Colombo Today Local News

“ආණ්ඩුව අමාරුවේ වැටුණේ මේ මිනිහා නිසයි” – රාජිත අගමැති ඉදිරියේ අධිකරණ ඇමතිට බැණවදී

කිරිදිවැල නව බස් නැවැතමිපොල විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයේන් (20) දින පස්වරැවෙි පැවැත්විණි ඵහිදි අදහස් දැක්වු සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දෝස්තර රාජිත සේනාරත්න මහතා විජයදාස රාජපක්ෂ මහතා දැඩිව විවේචනයට ලක් කළේය.

“මේ රටේ ඉන්න සමහරක් මිනිස්සු මේවා දැන දැනගන්න ඕන. නොදන්න එකාට ගිහින් කියන්න… මේවා ඔක්කෝම බොරු කියන්න බෑ අද වනවිට එළිදරව්වෙලා තියනවා. අද වන විට CID පරීක්ෂණ කරනවා. ඒනිසා තමයි අපේ අධිකරණ ඇමතිගේ පස්ස රත් වෙලා තියෙන්නේ. අවුරුදු දෙකාමාරක් තිස්සේ මේ පරීක්ෂණ යට ගැහුවේ ඔය මිනිහා. අගමැතිතුමණි මේ මිනිහා නිසා තමයි මේ ආණ්ඩුව මේ තරම් අමාරු තත්ත්වයට වැටුණේ. අපි මගුල් ගෙදර ගියාම. මළ ගෙදර ගියාම අපේ අම්මලා අපිව පැත්තකට කතා කරලා මොකද්ද අහන්නේ කවදාද මේ හොරු අල්ලන්නේ. කවදද මේ මිනිමරුවෝ හොයලා මේ අයට දඩුවම් ලබා දෙන්නේ.

මගෙන් කිසිම කෙනෙක් අහලා නෑ කවදාද බඩු මිල අඩු කරන්නේ කියලා.  ඒනිසා අගමැතිතුමාගෙන්, ජනාධිපතිතුමාගෙන් මේ රටේ ජනතාව ඉල්ලන්නේ මේ මිනීමරුවන් අල්ලන්නෙ කවදද, මේ හොරු අල්ලන්නේ කවදාද කියලා. ඒ විතරක් නෙමෙයි මෙතන කතා කරන මම ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුවේ සියළු දෙනාම ඉල්ලන්නේ මේ දේ තමයි. ඔය ආණ්ඩුව විවේචනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බයේ ඉන්න අයගෙන් මම අහන්නේ කවදාද උන්ව අල්ලන්නේ කියලා,”

මම ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත මෙම අමාත්‍යවරයාට යෑමට ඉඩ සළස්වන ලෙසයි. එවිට අපේ රජය ආරක්ෂා වනවා. වසර 2020 නොව වසර 2025 දක්වා මේ රජය ඉදිරියට ගෙන යන්න පුලුවන්.”

[fbvideo link=”https://www.facebook.com/Dr.RajithaSenaratne/videos/10155240862579130/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

ආණ්ඩුකාරවරු සිව්දෙනෙක් 18 තෙක් නිවාඩු ගන්වන්න – මහින්ද දේශප්‍රිය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ගෑස් මිලත් ඉහල යයිද

Admin

“විශ්වාසභංගය නිසා නායකකමත් තහවුරු වුණා… අගමැති රනිල් දැන් සක්විති රජෙක්” – කිරිඇල්ල

colombotoday

රනිල්ගේ මංගල අයවැයට කැබිනට් අනුමැතිය

Admin

සැප පහසු බව මදිලු…. පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගැනීමට යෝජනාවක්….

colombotoday

කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ…

Admin