Colombo Today Local News

“උතුර, නැගෙනහිර බෞද්ධයන්ට අයිති නෑ.. බුදු පිළිම හැදීම නවතනු” – NGO කේලම් අසා ඇමරිකාව ගොරවයි

උතුරු නැගෙනහිර බුද්ධ ප්‍රතිමා ස්‌ථානගත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විරෝධය දක්‌වා ඇත.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කළ ආගමික නිදහස නමැති වාර්තාවේ මේ බව දක්‌වා තිබේ.

බෞද්ධ භික්‌ෂූන්, ක්‍රිස්‌තියානි සහ මුස්‌ලිම්වරුන්ට ප්‍රහාර එල්ල කරන බවත් ඔවුන්ට එරෙහිව රජය පියවර ගෙන නැති බවත් මේ වාර්තාවේ දක්‌වා ඇත.

බෞද්ධ කණ්‌ඩායම් සහ හමුදාව විසින් උතුරු නැගෙනහිර බුද්ධ ප්‍රතිමා ස්‌ථාපිත කර අධිරාජ්‍යවාදී පිළිවෙතක්‌ දියත් කර ඇති බව රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලනඥයන් විසින් හෙළිකර ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

උතුර සහ නැගෙනහිර ප්‍රදේශ මුස්‌ලිම් හා හින්දුන්ට අයත් බව ද බෞද්ධයන් සුළු පිරිසක්‌ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා ස්‌ථාපිත කර ඇති බව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුව හමුවට

Admin

බණ්ඩරත්තවේල්ලේ දී අවිඅයුධ තොගයක් වටලයි

Admin

අනුර ජනාධිපති වුනාම මුලින්ම කරන්නෙ රනිල්ගේ වත්කම් හොයන එක

Admin

පාසල් සිසුන් ලක්ෂ 45කට අද පටන් රක්ෂණාවරණ !

colombotoday

IMF කොන්දේසි 08ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වෙලා

Admin

සතොසෙන් කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400කට

colombotoday