Colombo Today Local News

යාපනය මහාධිකරණ විනිසුරු සැබෑ සංහිඳියාවට තවත් පියවරක් තබයි !

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා සහ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්, යාපනය ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු කිහිප දෙනෙකු සමග හමුවෙක් ඊයේ (08) විනිසුරු නිල නිවසේදී සිදුව තිබෙනවා.

පසුගිය දා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක සරත් ප්‍රේමචන්ද්‍රගේ පවුලේ සාමාජිකයන්ට උපකාර කරමින් ගෙන යන වැඩපිළිවෙලට සහය පළ කිරීම සඳහායි මෙම හමුව සිදුවී තිබෙන්නේ.

මෙම හමුවේදී මහාධිකරණ විනිසුරුවරයා බුද්ධංගල ආනන්ද හිමියන් වැද ආශීර්වාද ලබා ගත්තා.

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අතර, උන්වහන්සේගේ ගිහි නම මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකරයි. උන්වහන්සේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ගිහි සොහොයුරාද වෙයි.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1526932454011694/” width=”580″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

ශිෂ්‍යත්ව කඩඉම් ලකුනු නිකුත් වේ.

Admin

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday

විදෙස් රටවල සිට පැමිණි ලාංකිකයින් 430දෙනෙකුට කොරෝනා

colombotoday

මෙලෝ හත්තිලව්වක් තේරෙන්නේ නෑ… රවී අයවැය දීපං ළමයෙකුට – විදුර වික්‍රමනායක

colombotoday

“ගැහුවෙ සේනාධිපතිට වැදුනෙ රණවිරුවන්ට” – ඇවන්ගාඩ් සේනාධිපති සියල්ල හෙළිකරයි.

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin