Colombo Today Local News

ඉන්නවද.. යනවද? ඇමති රවී තීරණයක් ගන්න යයි !

තමන් සම්බන්ධයෙන් මේ දිනවල පළ වන බොහෝ අදහස් තමන්ගේ චරිතය ඝාතනය කිරීමට දරණ උත්සහයක් වුවත්, පවතින සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන කළ යුත්තේ කුමක්දැයි ඉදිරියේදී තීරණය කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා පිළිබඳව අමාත්‍යවරයාගෙන් කළ අදහස් විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා තමන්ගෙන් ඉල්ලීමක් නොකළ බවද අමාත්‍ය රවී කරුණානායක මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

තමනට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිරවයා නොකී බව ඇමති රවි කරුණානායක මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

ඇමතිවරයා රොයිටර් පුවත් සේවය වෙත අදහස් පල කරමින් සදහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන් සමග කිසිදු සාකච්චාවක් සිදු නොකල බවයි.

නෙත් නිව්ස්

Related posts

ලංකාවේ සියලු මාර්ග නාම පුවරු සිංහල දමිළ හා ඉංග්‍රීසි නම්වලින් පමණයි

colombotoday

ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා පහත වැටෙයි

colombotoday

ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන ලොක්කාගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

Admin

අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල්තැන දී අනිත් ආගම්වලට සමතැන දෙනවා – රවී

colombotoday

අද ප්‍රහාරයන්ගෙන් මියගිය විදේශිකයන්ගේ මළසිරුරු 29ක් ජාතික රෝහලේ

colombotoday

විපක්ෂ නායක අසුන අල්ලාගත් මන්ත්‍රීගේ ධූරය අහෝසි වන ලකුණු?

Admin