Colombo Today Local News

උතුරේ ඡන්දයකින් දෙමළ සන්ධානය පරදී.. වසර 30කට පසු ඊ.පී.ඩී.පී. ය ජයගනී !

වසර 30කට පසුව දෙමළ ජාතික සන්ධානයේ බලය අහිමි වෙමින් නල්ලූර් විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ධුරය ඊ.පී.ඩී.පී. සංවිධානයට හිමිව තිබේ.

ඒ පසුගියදා පැවැති නල්ලූර් විවිධ සේවා සමුපකාර සමිති නිලවරණයේදීය.

දෙමළ සන්ධානයේ නියෝජිතයා පරාජය කරමින් සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 7 දෙනාම ඊ.පී.ඩී.පී. සංවිධානයෙන් පත්වී ඇත.

නල්ලූර් ප්‍රදේශීය සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට මනාප ඡන්ද 10,000කට වැඩි සංඛ්‍යාවක් ලැබූ අතර ඊ.පී.ඩී.පී. සංවිධානය ලබාගෙන තිබුණේ මනාප ඡන්ද 2000කට ආසන්න සංඛ්‍යාවකි.

මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ වසර 30කට වැඩි කාලයකින් පසු නල්ලූර් විවිධ සේවා සමුපකාර සමිතියේ බලය ඊ.පී.ඩී.පී. සංවිධානයට හිමි වීම මඟින් උතුරේ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද පිරිහීම පෙන්වීමක් බවයි.

Related posts

ජාතික රණවිරු සැමරුම ඉහලින්ම පැවැත්වීමට රජය තීරණය කරයි

Admin

සිංහලේ එලවන්න, අසාත් සාලි පොලීසියට අණදුන් හැටි (Video)

colombotoday

හිඟ විදුලි බිලට වසරක සහනයක්

colombotoday

අගමැතිධූරය ගැන නිවේදනයක්

colombotoday

නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව එජාප මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

කොරෝනා වෛරසයට ප්‍රතිශක්තීකරණය ලබාදෙන ඖෂධ 10කට සූත්‍ර කමිටුවේ අනුමැතිය.

colombotoday