Colombo Today Local News

අලෝසියස් හමුවුණාද? “මට මතක නෑ..” – ඇමති රවීගෙන් කොමිසම දිගටම ප්‍රශ්න කරයි !

මහබැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද පෙනී සිටියා.

ප්‍රශ්න කිරීම උදෑසන 10.30 ට පමණ ආරම්භ වූ අතර, මෙහිදී අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් වාර්ථාවක්ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබෙනවා.  ඒ අනුව අමාත්‍ය රවී කරුණානායකගේ නම සඳහන් කරමින් අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයට ලැබී ඇති කෙටි පණිවුඩ සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබෙනවා.

ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර ඇත්තේ තමන් කිසිවක් නොදන්නා බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අමාත්‍ය රවී කරුණානායකගේ සහ අර්ජුන් ඇලෝසියස්ගේ ගුවන් ගමන් බලපත්‍ර වාර්තා ලබා ගැනීමෙන් පසු ඉදිරිපත් කළ වාර්තාවකින්, අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් අවස්ථා 13කදී එකම අවස්ථාවන්හීදි සිංගප්පූර්වේ රැඳී සිට ඇති බවද කොමිසම හමුවේ අනාවරණය කර තිබෙනවා.

මෙම අවස්ථා 13 න් එක් අවස්ථාවකදී හෝ දෙදෙනා සිංගප්පූර්වේදී හමුවූයේ දැයි කොමිසම අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රශ්න කර සිටියා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව තමන්ට කිසිවක් මතක නැති බවයි.

කෙසේවෙතත් අමාත්‍ය රවී කරුණානායකගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙමින් පවතිනවා.

Related posts

2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !

colombotoday

නිවාස සංකීර්ණයක ඉහළ මහලෙන් පැන අයෙක් දිවිනසා ගනී

colombotoday

කරුණාට ඇප.. රට ගමන් තහනම් !

colombotoday

සිසු සැරිය බස් සේවාවට අද සිට අලුතින් බස් 20ක්

colombotoday

යාපනේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක්

colombotoday

නෙළුම් කුලුනේ පළමු දින ආදායම මිලියනය ඉක්මවයි

colombotoday