Colombo Today Local News

පවුල් පිටින් හොරකමේ ගිය අම්මයි, තාත්තයි, දුවයි CCTV යෙන් මාට්ටු වූ හැටි (Video)

සැමියා, බිරිද, දියණිය එක්වී රට පුරා ස්වර්ණාභරන අලෙවිසැල්වලින් රන් භාණ්ඩ සොරකම් කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් හෙළිකර ගැනීමට කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ශන අංශය සමත් වී තිබෙනවා.

ජූලි 31 වනදා කොච්චිකඩේ රන් ආභරණ වෙළදසැලකින් රුපියල් රන් ආරණ සොරකම් කරන ආකාරය එම වෙළදසැලේ සී.සී.ටී.වී කැමරාවල සටහන් වී තිබෙන අතර ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණවදී මෙම තිදෙනා කොළඹ 14 ඩී. මෙල් වත්තේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ඔවුන්ගේ නිවස පරික්ෂා කිරීමේදී කොච්චිකඩේ රන් ආභරණ වෙළදසැලෙන් සොරාගත් රුපියල් ලක්ෂ 08කට අධික වටිනාකමකින් යුතු රණ් ආභරණ සහිත පෙට්ටිය සොයාගෙන ඇති බවයි සදහන් වන්නේ.

සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Related posts

ගම්මිරිස් රටින් ගෙන්වීම තහනම් කිරීමට පියවර…

colombotoday

සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරන පොදු ප්‍රවාහන හා කුලී රථ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

ඇමති විමල් ට එරෙහි නඩුවක් ජූලි 17ට කල් යයි

colombotoday

කහටගස්දිගිලිය අඩවි වන කාර්යාලයේ වන ව්‍යාප්ති නිලධාරීයෙක් අල්ලස් දැලේ

colombotoday

විඩාවට පත් චීන ජනතාවට ලංකාවෙන් පරිත්‍යාගයක් !

colombotoday

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

colombotoday