Colombo Today Local News

නාවික හමුදාව අලි මෙහෙයුමක.. මුහුදේ ගිය තවත් අලි දෙදෙනෙක් ගොඩගත් හැටි (Video)

ත්‍රිකුණාමලය, කෙවුලියා තුඩුව මුහුදේ සැඩ පහරට හසුව ගසාගෙන යමින් සිටි වන අලි දෙදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ (23) සමත් විය.

ත්‍රිකුණාමලය රවුන්ඩ් දූපත සහ කෙවුලියා තුඩුව අතර මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි යාත්‍රාවකට මෙම වන අලින් දෙදෙනා නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වනජීවී කාර්යාලයට දැන්වීමෙන් පසුව ඔවුන්ගේ ද සහය ඇතිව නාවික හමුදා නිලධාරීන් වන අලි දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා. වන අලි දෙදෙනා නිරුපද්‍රිතව රැගෙන ඒමෙන් පසුව කෙවිලියාතුඩුව ප්‍ර දේශයට මුදා හැරීමට නාවික නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

පසුගිය 11 වෙනිදා කොක්කුතුඩුවායි සිට සැතපුම් 8ක් ගැඹුරු මුහුදේ ගසාගෙන යමින් සිටි වන අලියෙකු බේරාගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා.

[fbvideo link=”https://www.facebook.com/BBCSinhala/videos/864765217014561/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

සුදු වෑන් මාධ්‍ය සාකචඡාවේ දෙදෙනා හා රාජිතගේ ලේකම්ට ඇප !

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ජාත්‍යන්තර පොලිසියට අභියාචනයක්‌

colombotoday

Photos: උතුරු කොළඹ අපේක්ෂකයන් සමග රවී කරුණානායක ආගමික වතාවත්වල

colombotoday

මංගල පැනවූ බද්ද ජනපති ගලවයි

colombotoday

බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි

colombotoday

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday