Colombo Today Local NewsHot News

නල්ලූර් වෙඩිල්ලෙන් මතු වූ “සැබෑ සංහිදියාවේ“, සහෝදරත්වයේ හැගුම්බර කතාව (Video)

කාන්තාවකගේ දෙපා වදින මහේස්ත්‍රාත්වරයෙකුගේ වීඩියෝවක් සාමාජ ජාලාවලට එක්වී තිබෙනවා. මේ ගැන සොයා බැලීමේදී දැනගැනීමට ලැබුණේ ඔහු යාපනය මහේස්ත්‍රාත් එම්. ඉලෙන්චේලියන් මහතා බවයි.

වසර 17ක් මේ දෙමළ ජාතික මහෙස්ත්‍රාත්වරයාට ආරක්ෂාව සැලසුවේ සිංහල පොලිස් නිලධාරියෙක්. ඔහු සාජන් හේමචන්ද්‍ර. යාපනයේ ක්‍රියාත්මක දෙමළ පාතාලය මහේස්ත්‍රාත්වරයාට මරණ වරෙන්තු ගෙන එද්දි ඔහුව රකින්න ඉදිරියට පැන්නේ වෙන කවුරුත් නෙවෙයි සාජන් හේමචන්ද්‍ර. මේ මහේස්ත්‍රාත්වරයා වසර 17ක් පුරාවට තමන්ට ආරක්ෂාව දීලා අවසානයේ තමන්ගේ ජීවිතය බේරන්න ජීවිතය දුන් නිලධාරියාගේ බිරිදගේ දෙපා වදිනවා. ඒ කඳුළු සලමිනුයි.

සැබෑ සංහිදියාව අපේ හදවත්වල ජීවමානයි.  සංහිදියාව ගොඩනැගීමට යැයි කියා,  සංහිදියා වැදිබණ දොඩවමින් තිබෙන සංහිදියාවත් නැති කිරීමට වැඩ කරන වර්තමාන අදූරදර්ශි, අමනෝඥ දේශපාලකයන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට එතරම් දුරක් නැහැ.

වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1957350131201127/” width=”520″ height=”400″ onlyvideo=”1″]

Related posts

ශ්‍රී ලංකාවේ සිට හදාරන මැලේසියානු උපාධි මැලේසියාවේ හෝ ලෝකයේ අනෙකුත් රටවල පිලි නොගනී.

colombotoday

ගොවීන්ට චීනයෙන් ලැබුණු ඩීසල් කඩිනමින් බෙදන්නැයි, කෘෂිකර්ම ඇමතිගෙන් නියෝග..

Admin

දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් ?

colombotoday

පවුල් 1387ක පුද්ගලයන් 45091ක් වැස්සෙන් පීඩාවට

colombotoday

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැකි” – මහ බැංකු අධිපති

colombotoday

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

colombotoday