Colombo Today Local News

බුදුන් වහන්සේට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ හිටපු ජනපතිට කුරාණයක් තෑගි දෙයි !

ශ්‍රී ලංකා තව්හිද් ජමාත් නමැති ඉස්ලාමීය අන්තවාදී සංවිධානය අල් කුරාණයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා ඇත.  කොළඹ නිවසේදී රාජපක්ෂ මහතා හමුවූ එම සංවිධානයේ ප්‍රධානීන් ඔවුන් විසින් පරිවර්තනය කරන ලද කුරාණයේ සිංහල පිටපත මෙසේ පිළිගන්වා ඇත.

“බුදුන් වහන්සේ මිනී මස් වැළදුවා, තෙරුවණ ගල් තුනක්, බුද්ධාගම අදහන බෞද්ධයෝ මෝඩයෝ“ යැයි කරන ලද අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙත් ‘තව්හීද් ජමාත්‘ සංවිධානය බෞද්ධ ජනතාවගේ දැඩි පිළිකුලට ලක්ව සිටී. ඒ සම්බන්ධ නඩුවක්ද මේ වන විට විභාග වෙමින් පවතී.

ඉස්ලාමීය ශරීයා නීතිය අනුව වයස් සීමාවකින් තොරව, කුඩා දැරියන් විවාහ කරගැනීමට (නීත්‍යානුකූලව ළමා අපචාර කිරීමට) ඉල්ලමින් තව්හීද් ජමාත් සංවිධානය විසින් මෑතකදී කොළඹදී කළ උද්ඝෝෂණය මහත් ආන්දෝලනයට ලක්විය.

රටපුර හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිටුපසද තව්හීද් ජමාත් සංවිධානය ක්‍රියාත්මකව සිටින අතර, ඔවුන් විසින් නැගෙනහිර පළාත හා මුස්ලිම් ජනතාව බහුලව ජීවත්වන ප්‍රදේශවල තරුණ පිරිස් අතර ISIS ත්‍රස්ත මතවාදය ප්‍රචලිත කරමින් සිටින බව ඇතැම් මුස්ලිම් සංවිධාන විසින්ද චෝදනා කර සිටී.

Related posts

රත්නපුර ගොඩිගමුවට සංචරණ සිමා පනවයි

colombotoday

“හංසයා“ දෙන්න රවීගෙන් සජිත්ට දැඩි කොන්දේසි !

colombotoday

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක්

colombotoday

ලීසිං සහ ණය හිමියන්ට සහන ලබා දීමට රජයේ අවධානය

colombotoday

මෛත්‍රී නායකත්වයට ආවේ පස්ස දොරෙන්.. ඔහුව අධිකරණයට ගේනවා – මන්ත්‍රී සනත් නිශාන්ත

colombotoday

කලුගංතොට සිංහයා අද නික්ම යයි

Admin