Colombo Today Local News

ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් ‘සයිටම් විරෝධී‘ දොස්තරලායි.. ඔවුන් වහාම මර්ධනය කළ යුතුයි

ලෝකයේ ත්‍රස්තවාදයක් පවතීනම් ඉතාම දරුණුම ත්‍රස්තවාදය වන්නේ ලෙඩුන් බිලි දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ත්‍රස්තවාදය බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

“ප්‍රභාකරන් මොන ත්‍රස්තවාදියෙක්ද, මේකනේ ත්‍රස්තවාදය, මේ ත්‍රස්තවාදයෙන් මේ රටේ සියලු දේවල් කරන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්නාවා ජී.එම්.ඕ.ඒ නායකයෝ” ඔහු සදහන් කළේ 11 අඟහරුවාදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ “ත්‍රස්තවාදයට” යටවී ඔවුනට අවශ්‍ය ආකාරයට සයිටම් ආයතනය විනාශ කර දැමීමට කටයුතු කරන්නේදැයි රජයෙන් විමසූ ඔහු හොදින් හෝ නරකින් වෛද්‍ය සංගමයේ ක්‍රියාකලාපය මර්ධනය කළ යුතු යැයිද කියා සිටී.

“හොදින්ම යුක්තිය ලැබෙන්නේ නෑ. හැමදාම යුක්තිය සාධාරණය ලැබුනේ නැ හොඳ කරලම, පින් කරලම, පව් කරන්නත් වෙනවා” යැයිද හෙතෙම පැවසීය.

Related posts

රටට ආදරයක් තියනවනම් ව්‍යවස්ථාවට ඡන්දය දෙන්න එපා.. ඇල්ලේ හිමි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

colombotoday

රනිල් පිලත් සජිත් පිලත් අතහැර දේශපාලනයෙන් සමු ගන්නා රෝසි

colombotoday

FCID, CID මෙහෙයවන අදිසි හස්ථය ගැන ජනපතිගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

colombotoday

මාර්තුවේ මැතිසබේ විසිරෙව්වොත් මන්ත්‍රීවරුන් 64 කට පැන්ෂන් නෑ

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව භාරදෙයි

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Admin