Colombo Today Local News

‘රාජපක්ෂලා හොරු: කීවාට ඔප්පුකරගන්න බැරිවුණා.. චෝදනා බොරු බවයි පේන්නේ‘ – ඇමති මහින්ද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ පවුලේ අයට එල්ල වූ දූෂණ චෝදනා සාධාරණ සැකයකින් තොරව මෙතෙක් ඔප්පු කර නොමැති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසූයේ  (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

වසර දෙකහමාරක් ගතවී ඇතත් එම කටයුතු සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් වර්තමාන ආණ්ඩුව මැතිවරණයට පෙර සඳහන් කළ එම කරුණු බොරු බවට පිළිගන්නා තත්ත්වයක් ඇතිවී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

අදාළ පරීක්ෂණ කටයුතු සිදුකර අවශ්‍ය නීතිමය කටයුතු සිදු නොකළහොත් අනාගතයේ දිනක තමාට එහි බලපෑම ඇතිවන බවට අවස්ථා ගණනාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබෙන බවද ඒ මහතා එහිදී සඳහන් කළේය.

Related posts

කොටුව රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධිය : තවත් අධිකරණ සේවකයෙක් අත්අඩංගුවේ

Admin

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ​හොත් අපේක්ෂක ලේඛනයම අහෝසියි

colombotoday

බස් රථයක් පෙරළී 12කට තුවාල

colombotoday

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගේ බලතල

colombotoday

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

colombotoday

පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට…

colombotoday