Colombo Today Local News

හිටපු හමුදාපති දයා රත්නායක ඇතුළු නිලධාරීන් හතරකට නොතීසි !

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ටොන් 600 ක වටිනා යන්ත්‍ර සුත්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් වෙනුවෙන් හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක, මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ ( විශ‍්‍රාමික) , මේජර් ජනරාල් උදය ඇනස්ලි පෙරේරා (විශ‍්‍රාමික) , ආරක්ෂක අමාත්‍යාංශය හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරයකු වන සිරිපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට ලබන 13 වැනි දා බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුක් කළ බව කොමිසම කියයි.

යුද්ධය නිමවීමෙන් පසු 2012- 2013 වසර තුළ මෙම කර්මාන්ත ශාලාව අවට ඇති අබිලි යකඩ ඉවත් කිරීමට යැයි පවසමින් සිමෙන්ති සංස්ථාවට හා සිමෙන්ති සමාගමට නොදන්වා යුද හමුදාව විසින් ටෙන්ඩර් කැඳවා අබලි යකඩ වෙනුවට මෙම වටිනා ටොන් 600 ක යකඩ හා යන්ත‍්‍ර සුත‍්‍ර කපා ඉවත් කර ඇති බවත් මෙම කි‍්‍රයාවෙන් සමාගමට රුපියල් කෝටි ගණනින් අලාභය සිදුව ඇති බවටත් දුෂණ විරෝධී පෙරමුණ කළ පැමිණිල්ලක් අනුව බරපතල වංචා දුෂණ පිළිබද ජනාධිපති විමර්ශන කොමිසම මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

හොර බැදුම්කර පත්තරේ ‘ජනයුගය‘ නමින් කල එළි බසී !

colombotoday

TNL රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි..!

colombotoday

එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටයෙන් ඉවත්වන්නැයි මුරලි සේතුපතිට කියයි

colombotoday

“වෙනම රටක් ඕනෑ කියා දැන් කැටපෝලයක්වත් උස්සන්නෑ“ – දඹර අමිල හිමි

colombotoday

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්

Admin

මුස්ලිම් කටයුතු ඇමති හලීම්, තව්හිද් ජමාත් අන්තවාදී පල්ලි 400කට අවසර දීලා…

colombotoday