Colombo Today Local News

“කන්දෙවිහාරේ පිං කැට සීල් කරේ පඩුරු ආදායම ගණන් බලන්නයි“ – බෞද්ධ කටයුතු කොමසාරිස්

අලුත්ගම කන්දේ විහාරයේ පිං කැට 37කට සීල් තබා ඇත්තේ පඩුරු ආදායම ගණනය කිරීමට බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙළගෙදර මහතා පවසයි.

සියළු දෙනා ඉදිරියේ මෙම පඩුරු පෙට්ටි විවෘත කර මුදල් ගණනය කිරීමෙන් පසු ඒවා ගිණුම්ගත කර විගණනයට ලක් කිරීමට පියවර බවකී කොමසාරිස් ජනරාල්වරයා ,කතරගම,ශ‍්‍රී පාදස්ථානය, මහනුවර දළදා මාලිගාව යනාදී ආගමික ස්ථානවල ද පඩුරු ගණනයට මේ අකාරයට පඩුරු පෙට්ටි සීල් තබන බවද පවසයි.

තමන් වහන්සේ විහාරයේ වැඩ නොසිටි අවස්ථාවකදී මහාභාරකාර මණ්ඩලය විසින් පිංකැට 37ක් මුද්‍රා තබා ඇතැයි අලුත්ගම කන්දේ විහාරාධිපති, කලුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බටුවත්තේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ ප්‍රකාශ කර තිබිණි.

විහාර පරිපාලනයට ඇගිලි ගසන්නට රජයට පලයක් නැතැයි බුද්ධශාසන සදහන් කර ඇති බවත් ඓතිහාසික කන්දේ විහාරයේ ඇති පිංකැටවලට මුද්‍රා තැබීම ගැන නොදන්නේ නම් විහාම මැදිහත්ව මේ පිළිබදව සොය බලන ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද නා හිමියෝ පැවසූහ.

Related posts

දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දෙනවා – අධිකරණ ඇමති කියයි

Admin

නව ව්‍යවස්ථාවක් ඕන

Admin

ආණ්ඩුව බැරිකම වහගන්න රාජ්‍ය සේවකයන්ට චෝදනා කරනවා

Admin

පොලිස් කණ්ඩායම් දෙකක් පෙරටුගාමී ප්‍රධාන කාර්යාලය සෝදිසි කරයි

colombotoday

සමාජ මාධ්‍ය හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කරන්න එපා – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

colombotoday

‘රාජා භවතු ධම්මිකෝ’ ලංකාවට අවශ්‍ය මහින්ද වගේ නායකයෙක් – කුබෝ විහාරාධිපති හිමියෝ කියයි

colombotoday