Colombo Today Local News

පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුලත් කිරීමට නිර්දේශ කෙරේ !

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේදී පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනයද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.

පාසල් දරුවන්ට පාසල තුළදී මෙන්ම ඉන් පිටතදී ද සිදුවන ලිංගික අපයෝජන වළක්වා ගැනීම සඳහා වන ක්‍රමවේදයක අවශ්‍යතාව පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවීම මත මෙලෙස උපදෙස් දී ඇත.

ඒ සඳහා දරුවන් දැනුවත් කිරීමේ විකල්ප ක්‍රමවේද මෙන්ම පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමේදී අනුගමනය කළ යුතු සූක්ෂම පිළිවෙත් පිළිබඳවද රාජ්‍ය ගිණුම් කාරක සභාව අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡාවන්ද පවත්වා තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභාව ඒ අනුව මෙම උපදෙස් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වෙත ලබාදී ඇත.

Related posts

“ද්‍රවිඩ ජනයා අකමැති ව්‍යවස්‌ථාවක්‌ ගේන්න දෙන්නේ නෑ” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

බැංකු බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට තීරණයක්

colombotoday

තවුහිද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස නවුෆර් මවුලවි කටයුතුකර ඇති බවට හෙළිදරවුවක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

පන්දම දෙකඩ වෙයි.. ෆොන්සේකා රනිල් සමග යයි.. ‍ගෝලයන්ගෙන් පිරිසක් මහින්දට

colombotoday