Colombo Today Local News

ජනපතිට විරෝධය පලකර එජාප මන්ත්‍රී පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් තමන් මින් ඉදිරියට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

පසුගිය ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් සමග පමණක් කටයුතු කරන ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කොන් කිරීමේ වැඩපිළිවෙලක යෙදී සිටින බවද හෙතෙම පවසයි.

උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අද (30) දා ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවට තමන්ට ආරාධනා කර නොමැති බවද මන්ත්‍රීවරයා පවසයි.

පසුගිය ආණ්ඩුව ආරම්භ කළ උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවද කල්මරමින් සිටින බවත්, අවශ්‍ය පිළියම් නොයොදා ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයෙන් ලිස්සා යෑමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.

Related posts

චමල් රාජපක්ෂට රජයේ මුදල් වංචා චෝදනා

Admin

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට

colombotoday

මහ රජාණෝ යුද්ධෙ දිණුවේ තනියම නෙවෙයි.. දස මහ යෝධයෝ වගේ අපි හිටිය

colombotoday

තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

colombotoday

යුද හමුදාවේ දෙවනි පුටුව මේජර් ජනරාල් ශවේද්‍රන්ද සිල්වාට…

colombotoday

යුද අපරාධ යන්ත්‍රණයට විදෙස් විනිසුරන් ඕන නෑ – සම්බන්දන් වෙනස් මතයක් කියයි

colombotoday