Colombo Today Local News

ඇමරිකාවටත් ‘සංහිදියාව‘ අරහං වෙයි.. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේත් මේ පාර ‘ඉෆ්තාර්‘ නෑ !

ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උපවාසය අත්හැරීමේ “ඉෆ්තාර්“ භෝජන සංග්‍රහය මෙවර ධවල මන්දිරයේ නොපැවැත්වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයත් සමග, ලෝව පුරා ඇමරිකානු තානාපති කාර්යාලවල වාර්ෂිකව පැවැත්වූ ඉෆ්තාර් උත්සව අතිහිටුවීමට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ද ‘ඉෆ්තාර්‘ උත්සවය මෙවර පැවැත්වූයේ නැත. ගිය වසරේ රාමසාන් උත්සවය වෙනුවෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සහ යාපනයේදීත්, කොළඹ පාතිමා ළමා මධ්‍යස්ථානයේදී ඉෆ්තාර් භෝජන සංග්‍රහ දෙකක් පැවැත්වූහ.

මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නව පරිපාලනත් සමඟ රාජ්‍ය ලේකම් රෙක්ස් ට්‍රිලිලේෂන් විසින් ‘ඉෆ්තාර්‘ උත්සවය අත්හිටුවන ලෙස, ඒ සම්බන්ධයෙන් එවෙනි උත්සව සංවිධානය කරන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාත්‍යන්තර කටයුතු හා ආගමික දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මූලාශ්‍ර

Related posts

නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 72 ක් අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යවරිය රෝහලේ සිට කළ ප්‍රකාශය

colombotoday

ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා මාධ්‍යයට චණ්ඩිපාට් දානවා

Admin

හිරුණිකාගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයෙක් පැහැරගෙන.. ‘පැහැර ගත්තාට ගැහුවේ නෑ’ හිරුණිකා කියයි

colombotoday

නව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කරයි

colombotoday

මහ මැතිවරණයට ‘පොහොට්ටුව‘ සන්ධානයෙන්…

colombotoday