Colombo Today Local News

සයිටම් සභාපති සහ ජනපති සාකච්ඡාවක !

උද්ගතව ඇති සයිටම් අර්බුදය සම්බන්ධව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක්‌ අද (27 දා) පැවැත්වේ.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය නතර කිරීමට රජය ගෙන තිබෙන ක්‍රියා මාර්ග නිසා එහි සිසුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් මේ තත්ත්වය හා තවත් තීරණාත්මක කරුණු කිහිපයක්‌ සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවන බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසනවා.

සයිටම් විරෝධී රැල්ලට මුල්වී සිටින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඇතැම් උදවිය වෛද්‍ය වෘත්තිය සඳහා සිසුන් පිටරට යෑවීමේ ජාවාරම්වල යෙදී සිටින බවද සයිටම් නිසා ඔවුන්ට සිදුවෙන පාඩු නැවැත්වීමට විවිධ ක්‍රියා මාර්ග ගන්නා බවද සයිටම් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

මහජන උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත්කරයි

Admin

දෛනික කොරෝනා රෝගීන් අඛණ්ඩව ඉහළ ගිය හොත් විකල්ප සූදානම් – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

colombotoday

සංහිදියාව තහවුරුයි.. ඇවිත් වෙනස බලන්න.. විදේශ ඇමතිගෙන් ජාත්‍යන්තර දෙමළ සංවිධානවලට ඇරයුම් !

colombotoday

ළඳුන්ගේ රුව රකින හැටි රතන හිමියෝ කියති (Video)

colombotoday

පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි – ජනාධිපති ලේකම්වරයා නැවත දැනුම්දෙයි

Admin

බූස්ටර් එන්නත ගැබිනි මව්වරුන්ටත්

colombotoday