Colombo Today Local News

අධිකරණයෙන් ඇප ලැබූ ඥාණසාර හිමි පොලීසියෙන් අත්අඩංගුවට ගනී !

ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන උසාවිය වෙත ඉදිරිපත් කිරීමෙන්  පසුව ඇප ලබා දී තිබෙනවා.

කොළඹ අතිරේක මසේත්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඥාණසාර හිමියන් සඳහා ඇප නියම කෙරුණේ රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මතයි.

පොලිසිය ඇප දීමට විරුද්ධ නොවූ අතර මෙහිදී පොලිසිය සම්බන්ධයෙන් කණගාටු වෙන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ. ඒ ඥාණසාර හිමි සම්බන්ධයෙන් බී වාර්තාවෙන් පොලිසිය දැඩි චෝදනා එල්ල කර තිබියදී ඇප ලබා දීමට විරුද්ධ නොවීම සම්බන්ධයෙන්.

Related posts

ඥාණසාර හිමි දිගටම හිර කරන්න නීතිපති පරණ කුණු අවුස්සයි ! නිදොස්කොට නිදහස් කළ නඩුවක් නැවත කැදවන්න යයි

colombotoday

මිලියන 3ක අයිස් සමග සැකකරුවෙක් තලංගමදී අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි

colombotoday

කිරි මිල ඉහළ දමනවා

Admin

හාල්මැස්සන්, කරවල ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

colombotoday

“මහින්ද විදුලි පුටුවෙන් බේරාගත්තේ මමයි“ – ජනපති

colombotoday