Colombo Today Local News

ඒකීයභාවය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහෝසිවන යෝජනාවලට ශ්‍රීලනිප එකගත්වය නෑ

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම සඳහා වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ යෝජනාවලියට ශ්‍රී ලංකාවේ ඒකීයභාවය කිසිසේත්ම වෙනස්‌ නොවිය යුතුය යන වගන්තිය ඇතුළත් කිරීමට එම පක්‌ෂය තීරණය කර ඇතැයි එහි මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කර ඇති බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය යන වගන්තිය ඇතුළු රට තුළ ආගම, නිදහස තහවුරු වන වගන්ති කිසිදු සංශෝධනයකින් තොරව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ යෝජනාවලියට ඇතුළත් වන බවද ඇමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඒකීය භාවය, භෞමික අඛණ්‌ඩතාව සහ ස්‌වාධිපත්‍යයට තර්ජනයක්‌ එල්ල වන කිසිදු වගන්තියක්‌ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් නොවිය යුතු යන දැඩි ස්‌ථාවරයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සිටින බවද නව ව්‍යවස්‌ථාව සියලුම ජාතීන්ට පිළිගත හැකි ව්‍යවස්‌ථාවක්‌ විය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

Related posts

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

colombotoday

ණය ප්‍රශස්තකරණයෙන් පසු නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා අරඹයි

Admin

මෛත‍්‍රි-සජිත් හමුව ගැන විශේෂ මාධ්‍ය නිවේදනයක් !

colombotoday

එජාප ප්‍රබල ඇමති රහසේ ජනපති හමුවෙයි… අගමැති එළවන්නැයි ඉල්ලයි

colombotoday

යහපාලන ආණ්ඩුවේ 35ක් අලුත් පක්ෂයට !

colombotoday

ලංකාවේ තර්ජණ කියා කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ද්‍රවිඩ පවුලක් පිටුවහල් කරයි

colombotoday