Colombo Today Local News

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි !

බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ කුරාණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කිරීම, හා ජාතික බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙක් ඇතුළු වීම යන සිද්ධි දෙකට අදාලව පැවැත්වෙන නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන්

එම නඩු අද (15) කැඳවූ අවස්ථාවේ ඥාණසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. උන්වහන්සේ නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ පවතින මරණ තර්ජන හේතුවෙන් අධිකරණයට නොපැමිණෙන බවයි.

කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න, ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළා. අදාළ නඩුව අගෝස්තු මස 10 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

Related posts

බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

colombotoday

එළවළු මිල ගණන් ඉහළට

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

Admin

මා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට ෆොන්සේකාත් හවුල් – ජනපති විදෙස් මාධ්‍යට කියයි

colombotoday

බස් ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නෑ.

colombotoday

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 12000ක් – 11,016කට නඩු

colombotoday