Colombo Today Local News

යුද හමුදාව මුස්ලිම් සාමාජිකයන් සමග ‘ඉෆ්තාර්‘ සමරයි (Photo)

යුද්ධ හමුදා මුස්ලිම් සාමාජිකයින්ගේ රාමදාන් මාසයේ උපවාසයෙන් මිදීමේ ඉෆ්තාර් සැමරුම් උත්සවය ඊයේ (13දා)  වාද්දුව නිවාඩු නිකේතනයේ දී පැවැත්වුණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් එම්. එච්. එම් යූසුෆ් ගේ මුලිකත්වයෙන් එම සංගමයේ සාමාජිකයන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සමඟින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේණක උඩවත්ත සහ එම මැතිණිය, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදාවේ මුස්ලිම් ජාතික නිලධාරින්ද සහභාගී විය.

යුද්ධ හමුදාව තුල රාජකාරියේ නියුතු සියලුම සාමාජිකයන්ගේ ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කිරිමේ යුද්ධ හමුදාධිපතිතුමාගේ අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම ඉෆ්තාර් සැමරුම් උත්සවය පවත්වනු ලැබ තිබේ.

ඡායා- army.lk

Related posts

ඇමති සජිත්ට දැන් කරන්න බැරි දේ ගැන ඥානසාර හිමි කියති

colombotoday

ආණ්ඩුව ගැන විග්නේෂ්වරන් අවංකව සතුටු වෙනවාලු

colombotoday

මහනුවර ගැටුම්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධයි – ආන්දෝලනාත්මක රහසක් රවී හෙළි කරයි

colombotoday

ඩොලරයට ඓතිහාසික අගයක්.. විකුණුම් මිල රුපියල් 161ත් පනී…

colombotoday

ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ

Admin

මිනුවන්ගොඩ පොකුරේ තවත් 145කට කොවිඩ් – 97ක් ආශ්‍රිතයින්

colombotoday