Colombo Today Local News

කබීර් – රිෂාඩ් හවුලේ.. සතොසට අයත් කොළඹ ඉඩමක් ඉන්දීය සමාගමකට විකුණයි !!

කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි සතොස ට අයත් අක්කර ගණනාක අධික වටිනාකමකින් යුතු ඉඩමක් ඉන්දීය ආයෝජකයෙකුට විකුණා දැමීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව අද (13) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

කබීර් හෂීම් ඇමතිවරයා සහ රිෂාද් බදුර්දීන් ඇමතිවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ තමා වෙළද ඇමති ධුරය දරන සමයේදී ආරක්ෂා කල ඉඩමක් මෙලෙස විකිණීමට යන බවයි.

මේ අතර ලංකා ඛණිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඩේ ඛණිජ වැලි නිධිය ඉන්දීය සමාගමකට විකීණීම සදහා රිෂාද් බදුර්දීන් ඇමතිවරයා විසින් පසුගිය කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීම සදහා සංදේශයක් සකස් කර තිබුණු අතර, එහි තොරතුරු කල් තියා පිටවූයේ යැයි පවසමින් ඇමතිවරයා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොකළ අතර, සංශෝධනවලින් පසුව නැවත වරක් එය ඉදිරිපත් කරන බව කැබිනට් හමුවේදී ප්‍රකාශ කර සිටියේය.

Related posts

පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට සිට අවසර

colombotoday

කච්චතිව් දුපතේ අනන්‍යතාවය ආරක්ෂා කරන්න බුද්ධ ප්‍රතිමාව ඉවත් කරලා

Admin

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

රට බංකොලොත් කර ඇත්තේ පාර්ලිමේන්තුව නොදැනුවත්ව

colombotoday

ඩෙංගු රටම ගිලගනී.. සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගීන් ගණනය කිරීමත් අතහැර දමයි !

colombotoday

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin