Colombo Today Local News

ආණ්ඩුව බෑ කියූ දේ සරත් වීරසේකර කර පෙන්වයි.. “රණවිරු විත්ති වාචකයට“ ජිනීවා කවුන්සිලයෙන් කොළ එළි !

ශ්‍රි ලංකාවේ යුධ අපරාධ සිදු නොවූ බවට විදේශිය විශේෂඥයන් විසින් සකස් කල වාර්තා කිසිවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට මෙරට බළධාරීන් කටයුතු කර නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. කැස්බෑව බලමුළුවේ දේශනයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රි ලංකාව යුධ අපරාධ සිදු නොකළ බවට විදේශිය විනිසුරුවරුන්ගේ වාර්තා 07 ක් ඉදිරිපත්වී ඇති නමුත් විදේශිය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර එම වාර්තාවන් කිසිවක් ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ සමුළුවට ඉදිරිපත් නොකළ බවට ඔහු චෝදනා කරයි.

ශ්‍රි ලංකා හමුදාව යුධ අපරාධ සිදු නොකල බවට දැක්වෙන වාර්තාවක් (රණවිරුවන්ගේ විත්ති වාචකය ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට සරත් වීරසේකර පසුගියදා කටයුතු කරන ලදී. අදාළ වාර්තාව භාර ගත් බවට මේ වන විට නිල වශයෙන් දැනුම්දී තිබෙන බවද ඒ මහතා එහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා.

“අපි විද්වත් මණ්ඩලයක් පත් කරලා අපේ රටට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළා. උදාහරණයක් විදියට උතුරු පළාතේ දෙමළ ජනතාවට බඩු ප්‍රවාහනය වැළැක්වූවා කියන චෝදනාවට. අපේ ළග තියනවා ඇමරිකානු තානාපතිවරයා සහ ගෝඨාබය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර සංවිධානය මේ සියල්ලක්ම එකතුවෙලා ආහාර ටොන් ගණන් උතුරට යවපු වාර්තා, සංඛ්‍යා ලේඛන අපි ළග තිබුණා. එයින් ඒ චෝදනාව නිෂ්ප්‍රභා වෙනවා. දැන් මේ වාර්තාව මම පිළිගැන්වූවා.දැන් මේකේ තියන වැදගත්කම තමා ඒක ලැබුණා කියලා අපිට දැන්වීම. සෙයිද් හුසෙන්ගේ වාර්තාව අසත්‍ය වාර්තාවක් නිසා ඒක ඔප්පු වුණොත් ඒක මත පිහිටා අපේ රටට එරෙහිව ජිනීවා වල යෝජනාවූ සියළු යෝජනා ඇත්තටම ඵල රහිත වෙනවා. අහෝසි වෙනවා.”

 

 

Related posts

දේශපාලන වේදිකාවේ විකිණුනු එක්නැලිගොඩ ජීවතුන් අතර – මධුමාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

colombotoday

ඔන්න පුතේ රනිල් එනවා කොල්ලා ගෙට ගනින්… හැබැයි පුතෝ ටිකක් අමාරුවෙයි – මහින්ද රාජපක්ෂ

colombotoday

කටුනායක ගුවන් තොටත් කොටස් වශයෙන් විකිණෙයි…

colombotoday

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල කේරළ ගංඡා අලෙවි කළ කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට

colombotoday

අන්තරේ උද්ඝෝෂණය අරඹයි

colombotoday

තිස්ස අත්තනායක සමාව ගන්නවානම් කූට ලේඛන නඩුව කෙටි ක්‍රමයකින් ඉවරකර ගන්නම් – ජනපති සහ අගමැති

colombotoday