Colombo Today Local News

ඥණසාර හිමි අත්අඩංගුවට නොගත් නිසා වයඹ DIGට දඩුවම් මාරුවක් !!

උතුරු මැද සහ වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයි.ආර්.ඩබ්. විජේගුණවර්ධන මහතා සහායක සේවා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා තිබේ.

ඔහුව මාරු කිරීමට හේතුව ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත්වීම බවට පොලිස් කේෂත්‍රයේ කතාබහක් ඇතිව තිබේ.

කුරුණෑගල ඉබ්බාගමුව සුළුගල් විහාරයේ පැවැති ධර්මදේශනාවක් නිමාකරමින් කොළඹ බලා එමින් සිටි ඥානසාර හිමියෝ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ බඩගමුව රක්ෂිතය නිමාවන ප්‍රදේශයේ පෝරයායේ මුස්ලිම් පල්ලියක් අසල පිහිටි ඉන්ධන පිරවුම් හලක් ඉදිරිපිටදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබිනි.

එම මෙහෙයුම සිදුව තිබුණේ විජේගුණවර්ධන මහතාගේ පොලිස් බල ප්‍රදේශයේය.

Related posts

හදිසි නීතීය / ඇඳිරි නීතිය පැනවීමට රජය හේතු කියයි

colombotoday

පාස්කු ප්‍රහාරය : කොච්චිකඩේ දේවස්ථානයේදී මරාගෙන මැරුණු අලඩීන් මොහොමඩ් මුවත්ගේ පියා සියලු චෝදනාවලින් නිදහස්

colombotoday

දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙක් කොටු

colombotoday

නාමල්ට පත්තු වෙන අලුත්ම නඩුව?

Admin

22ට කැබිනට් අනුමැතිය

colombotoday

වසන්ත මුදලිගේ ජාතික රෝහලේ සමේ රෝග සායනයට රැගෙන යයි

Admin