Colombo Today Local Newsextremism & terrorism activities

ත්‍රීමලේ තෝපූර් පුරාවිද්‍යා බිම මුස්ලිම් උරුමයක්ලු.. මායිම් කණු ගලවා විසිකර, නිලධාරීන්ට තර්ජණය කර පන්නා දමයි

ත්‍රීකුණාමලය තෝපූර් හි පිහිටි පුරාවිද්‍ය රක්ෂිත භූමියකට අයිතිවාසිකම් කියමින් මුස්ලිම් ජාතික පිරිසක් උද්ඝෝෂණයක නිරත වීම නිසා එහි පසුගිය 30 වනදා උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

එම ස්ථානයට රැස්වූ පිරිස පුරාවිද්‍යා රක්ෂිත භූමියේ සීමා නීර්ණය කිරීම සදහා සිටුවා තිබූ මායිම් කණු කඩා බිද දමා ඇති අතර, එම ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් අවුරුදු 100ක් පමණ සිට ජීවත්වන බැවින් එය ඔවුන්ට අයත් භූමියක් බව පවසමින් මෙසේ විරෝධතාව පලකර ඇත.

අදාළ භූමියේ පුරාවිද්‍යා නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සදහා කටයුතු ආරම්භ වෙමින් තිබියදී මෙලෙස විරෝධය දක්වා ඇති අතර, පුරාවිද්‍යා නිලධාරීන්ට තර්ජණය කර එම ස්ථානයෙන් පලවාහැර ඇති බවද පැවසේ.

පුරාවිද්‍යා භූමියකට හානි කිරීම බරපතල වැඩ ඇතිව දඩුවම් ලැබිය හැකි වරදක් වුවද, අදාල පුද්ලයන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය අසමත් වී ඇති බවද ආරංචිමාර්ග සදහන් කරයි.

Related posts

මෙවර ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති අබුඩාබි බලා පිටත් වෙයි

colombotoday

මම ඇමතිකම් ඉල්ලගෙන අඬාගෙන පස්සෙන් යන්නේ නැහැ. – මහින්දානන්ද කියයි

Admin

ජාතික නිදහස් පෙරමුණ, සන්ධානයෙන් ඉවත් වෙන්න ඉල්ලයි !

colombotoday

ත්‍රිකුණාමලය මාළු වෙළෙද සංකීර්ණයේ 06 දෙනකුට කොරෝනා

colombotoday

හැටන් ගාමිණි පුර ජනතාව ගොදුරු සොයා එන දිවියන් නිසා භීතියෙන්

colombotoday

දෙසැම්බර් 31ට පෙර හමුදාව භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි ජනපති නියෝග කරයි

colombotoday