Colombo Today Local News

ගංවතුරට හසුවූ පොත් පත් රැකගන්නේ මෙහෙමයි

ගංවතුරට හසුව හානියට පත් පොත්පත් සහ වෙනත් ලියකියවිලි නැවත ප්‍රයෝජනයට ගත හැකි අයුරින් ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂිකා ආචාර්ය සරෝජා වෙත්තසිංහ පවසන පරිදි ගංවතුරට හසු වූ පොත්පත් ආරක්ෂා කර සංරක්ෂණය කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මෙසේය.

පොත්පත් සහ ලේඛනවල මඩ සහ කුණු තැවරී ඇත්නම් පළමුව ඒවා ජලයෙන් සෝදා ඉවත් කළ යුතුය

තෙමී ඇති පොත්/ලේඛන එකිනෙක ඇලීම වැළැක්වීම සඳහා පිටු අතරට වියළි හාෆ්ෂීට් කඩදාසි තබන්න

ඉන්පසු මද පවනේ හෝ විදුලි පංකාවක් හෝ කෙස් වියලනයක් (Hair Dryer) ආධාරයෙන් පොත දිගහැර තෙතමනය නැති කර ගන්න

කිසි විටකත් හිරු එළියෙන් පොත් වියළීම සිදු නොකළ යුතුය

රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවලට හෝ පුද්ගලයන්ට අයත් ලේඛන හානියට පත් වී ඇත්නම්, ඒවා සංරක්ෂණය කරන ආකාරය ප්‍රයෝගිකව දැන ගැනීම සඳහා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 0112-696917, 0112-677578, 0112-694523 වෙත අමතා වෙලාවක් වෙන් කර ගත හැක.

දැඩි ලෙස ආපදාවට ලක්ව ඇති ලේඛන වේ නම් කලින් වෙන්කරවා ගත් වෙලාවක ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන යා හැකිය.

Related posts

හිටපු ජනපතිට තනතුරක් ?

colombotoday

ඥානසාර හිමි වහා නිදහස් කරන්න – සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ සංඝ සභාවෙන් ඉල්ලීමක්

colombotoday

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

colombotoday

වෛරසය පෙන්නා අයේෂා රිෂාඩ්ට සහ පියාට ඇප ඉල්ලයි. | අධිකරණය ඇප ඉල්ලීම තුන්වන වරටත් ප්‍රතික්ෂේප කරයි.

colombotoday

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

colombotoday