Colombo Today Local News

ආවා කල්ලියේ ලොක්කෝ තිදෙනා ඉන්දියාවෙන් අල්ලයි

දකුණු ඉන්දීය සිනමාවේ මැර චරිත ආභාෂයට ගනිමින් යාපනය හා ඒ ආසන්න ප්‍රදේශවල මහජනතාව බිය වද්දා අපරාධ රැසක් සිදුකල යාපනය හා අවට ප්‍රදේශවල සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ආවා කල්ලියේ නායකයින් තිදෙනා වීසා නොමැතිව අනවසරෙන් ඉන්දියාවේ රැදී සිටියෙදී තමිල්නාඩු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කල්ලිය මෙහෙයවූ බව කියන ඥානසේකරම් දේවසුදන් (දේවා), නල්ලලිංගම් ප්‍රසන්නා (සන්නා) සහ ඩැනියල් ගුණසීලන් (ප්‍රකාශ්) යන තිදෙනා වීසා නොමැතිව තමිල්නාඩුවේ නාගපට්ටනම් ප්‍රදේශයේ රැදී සිටියෙදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය මෙරට පොලිස් දෙපාර්තුමේන්තුවේ අභ්‍යන්තර අන්තර්ජාලය වෙත (vpn) නිල වශයෙන් දැනුම් දී තිබේ.

මොවුන් මීට කලකට පෙර මන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා පැනගොස් ඇති අතර මොවුනගේ අරමුණ වී ඇත්තේ ඉන්දියාවේ සිට ස්විස්ටර්ලන්තයට පළා යාම බවද එම ආරංචි මාර්ග පවසයි.

මොවුන් මෙරටට එවීම සදහා මොවුන් සම්බන්ධයෙන් පොලිස් ස්ථානවලට සටහන්ව ඇති පැමිණිලි සම්බන්ධ නිල වාර්තාවක් ඉන්දීය ආරක්ෂක අංශ ඉල්ලා ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Related posts

ජනපති හෙට දිවුරුම් දෙයි

colombotoday

පොලිස් නිලධාරිනියට සද්දේ දැමූ හොර දොස්තර කූඩුවට

colombotoday

උපවාසයේ නියුතු හිමිනම එම ස්ථානයේම අපවත් කරවීමේ සැලසුමක්… උපවාසය අත්නොහරින්නැයි දැඩි බලපෑම් !

colombotoday

වල්සපුගල ගොවි සත්‍යග්‍රහය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

මහනුවර නාගරික බස් රථ සේවාව අද සිට

colombotoday

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්

colombotoday