Colombo Today Local News

මුලතිව්හිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේ සිට මුලතිව් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක පුපුරණ ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මුලතිව්හිදී අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලීසිය පවසයි.

සැකකරුවන් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් අසීබ් හසන් හා රහුමාන් මහ්දුල්ලා නමැත්තන්ය. මුලතිව් පොලීසියට ලද තොරතුරකට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මාර්ගයේ රැකවල් යොදා අදාළ බස් රථය පරීක්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අගල් අටක් දිගැති ඩයිනමයිට් කරල් 8ක්, ඩෙටනේටර් 20 ක්, අඩිය බැගින් වූ සේවා නූල් 5 ක් ඇතුළු උපකරණ කිහිපයකි.

Related posts

ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන තොරතුරු සොයන්න භූ විද්‍යාඥයින් කණ්ඩායමක්

colombotoday

විදුලි පනතට බියෙන් ලංවිම සභාපති රට පැනලා – ඇමැති කාංචනට යකා නගී

Admin

පෘථිවියේ වේලාව වෙනස් වේ

Admin

ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමගයි – ඇමති සුසිල්

colombotoday

කොවිඩ් දේහයක් ආදාහනාගාරට රැගෙන ගිය රථය පෙරළෙයි

colombotoday

මුහුදු මහා විහාරයට අයත් ඉඩම්වල සංවර්ධන කටයුතු අධිකරණයෙන් තහනම් කෙරේ

colombotoday