තවදුරටත් වැසි වැටුණහොත් දියවන්නාව උතුරා පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක් පවතින බව එහි උසස් නිලධාරියෙක් පවසයි.
මේ අවදානම වැලැක්වීම සදහා පොලිසිය නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ පාර්ලිමේන්තුව තුළත් ඒ අවටත් ඊයේ සිට සීරුවෙන් තැබූ බවද එම නිලධාරියා පැවසීය.
මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නැයි නාවික හමුදාවට විශේෂයන් දැනුම් දී තිබෙන බව කී නිලධාරියා පාර්ලමේන්තුවට ජලය ගලාඒම වැලැක්වීම සදහා වැලි කොට්ටද සූදානම් කරගෙන් යන බව ප්රකාශ කලේය