Colombo Today Local News

උතුරේ හමුදාව මාස හයක් තුළ ඉවත් කළ යුතුයි – ශිවාජිලිංගම් දින දෙයි

උතුරේ ආරක්ෂාව සදහා යොදවා සිටින හමුදා සාමාජිකයින් මාස 6ක් ඇතුළත් එම ප්‍රදේශයෙන් ඉවත් විය යුතු බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සදුදා (22) සවස යාපනය මාධ්‍ය සමාජ ගොඩනැගිල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

“යාපනය වලිකාමම් උතුරු පළාතේ අක්කර 4000 ක භූමියක් ශ්‍රී ලංකා යුද හමුදාව බලෙන් තියාගෙන ඉන්නේ යුද හමුදාවට ඉන්න අක්කර 600 ක් 700 ක් හොඳටම ඇති මේ ප්‍රදේශ වලට ඇයි මෙච්චර හමුදාවක් ඒ වැඩි යුද හමුදාව වහාම මාස 6 ක් ඇතුළත උතුරු පළාතෙන් යන්න ඕනෑ කියලයි මම හිතන්නේ.

ඒ වගේම තමයි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට ආපූ සාමාන්‍ය වැසියන්ට යුද හමුදාවෙන් බුද්ධි අංශ අය කරදර කරල තියනවා ඒ ජනතාව බය කරලා තියනවා ඒ විදිහට කරදර කරල තියන එක සම්බන්ධයෙන් අපි විදෙස් රටවලට දැනුම්දීලා පැමිණිලි කරන්න වෙයි“

[fbvideo link=”https://www.facebook.com/hirunews/videos/1316117178486371/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රාජ්‍ය නිලධාරීන්ට රු. 4000ක විශේෂ අත්තිකාරම් මුදල ගෙවීම අද සිට..

Admin

පන්සල්වල අලි පැටවු අහුවුනාම නඩුදානවා.. පල්ලිවල කඩු තොග අහුවුණාම කිසිවක් නෑ.. සහජීවනය පට්ටපල් බොරුවක්..

colombotoday

ආණ්ඩුවට අවශ්‍ය වුයේ දේශාපාලන ප්‍රයෝජන ගැනීම පමණයි ඉල්ලීම්වලට ඇහුන්කන් දුන්නා නම් රට මැයි මාසයේ විවෘත කරන්න තිබුණා-රනිල්

colombotoday

පාස්කු සැමරුම දා සිරිසේන CID කැඳවයි

Admin

බුලත්සිංහල නාය යෑමෙන් 9 දෙනෙක් මරුට !

colombotoday

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත වාහන ආනයනයට ඉඩ

colombotoday