Colombo Today Local News

එජාප තීරණ නිසා රට අරාජික වෙනවා – අපි ආණ්ඩුවෙන් යනවා – සුසිල් ප්‍රේමජයන්ත

ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති පිළිනොගෙන, තවදුරටත් ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට එරෙහි ආර්ථික තීන්දු ගන්නේ නම් ශ්‍රීලනිප කණ්ඩායම ඉදිරියේ දී ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

මේ බව ජනපතිවරයාට දැනුම් දී ඇති බවත්, තීරණාත්මක වෙනසක් සිදු නොවුණොත් ශ්‍රීලනිපය, එජාපයට තනිව ආණ්ඩුව කරගන්නට ඉඩ හැර ඉවත් වීමට දෙවරක් නොසිතන බවත් ඔහු අවධාරණය කළේය.

මේ වන විට රට විශාල ආර්ථික ගැටලූවකට මුහුණදී තිබෙන බවත්, එයට හේතුව එක්සත් ජාතික පක්ෂයේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගන්නා කණ්ඩායම ශ්‍රීලනිප ප්‍රතිපත්ති නොසලකා තීරන ගැනීම බවත් ඔහු පෙන්වාදුන්නේය.

එජාපය සිය ප්‍රතිපත්ති අනුව ආර්ථික සැලසුම් සකස් කිරීමට නම් ඔවුන්ගේ තනි ආණ්ඩුවක් නිර්මාණය කරගත යුතු බවත් හවුල් ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නේ නම් දෙපාර්ශ්වයටම එකඟ විය හැකි ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවත් සුසිල් ප්‍රේම්ජයන්ත ඇමැතිවරයා කීය.

කැබිනට් සංශෝධනයට හේතුව ?

කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දිනවල ඉදිරිපත් වී ඇති යෝජනාවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ද මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතා ඇතුළු ආර්ථික සම්බන්ධයෙන් තීරණ ගන්නා එජාපය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ තනතුරුවල වෙනසක් කළ යුතු බවට ශ්‍රීලනිපය ඉදිරිපත් කර ඇති යෝජනා වන අතර එම කැබිනට් සංශෝධනය එජාප බලපෑම් හමුවේ දිනෙන් දින පසුපසට යෑම ද ඉහත ශ්‍රීලනිප අමාත්‍යවරුන්ගේ විරෝධයට හේතු වී ඇත.

Related posts

අදත් රුපියල් දෙකකින් අවප්‍රමාණය වේ… ඩොලරය 170 පන්නයි…

colombotoday

නිදහස් කළ කොටින්ගෙන් සමාව ගෙන වන්දි දෙන්න. – රජයට නිර්දේශයක්‌!

colombotoday

“එකම යුධ විරුවා රනිල් වික්‍රමසිංහයි.. ඔහුගේ නම මහාවංශයෙත් ලිවිය යුතුයි“ – වික්‍රමබාහු

colombotoday

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ විශේෂඥ මණ්ඩලයේ වාර්තා ලැබෙන තෙක් සාෆිගේ නඩුව කල් යයි

colombotoday

මෙවර නිදහස්‌ උළෙලේදී ජාතික ගීය පළමුවරට සිංහලෙන් හා දෙමළෙන්

colombotoday

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැදවයි… අවම සුදුසුකම් මෙන්න…

colombotoday