Colombo Today Local News

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ලෙඩෙකුට වැරදි බෙහෙත් දීලා.. නැවත කොළඹ ජාතික රෝහලට එවලා..

දිවයින පුරා පැවති වෛද්‍ය වැඩවර්ජනයත් සමග අසාධාරණයට පත්වූ රෝගීන් වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර කිරීමට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලෙන් තීරණය කර තිබුණා.

ඊයේ දිනයේ මෙලෙස පැමිණි රෝගියෙකුට දුන් ප්‍රතිකාරයක් සමාජජාල මාධ්‍යන්වල බොහෝ සෙයින් කතාබහට ලක්ව තිබෙනවා.

එනම් පොල් ගෙඩිය හිස මත වැටීම නිසා ප්‍රතිකාර සඳහා රැගෙන ආ රෝගියෙකුට ලබාදීමට සුදුසු නැති ‘ටැමඩෝල් ‘ නම් බෙහෙතක් ලබාදී නැවත එම රෝගියාව කොළඹ ජාතික රෝහලට එවීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

මෙවැනි අනතුරකට භාජනය වූ රෝගියෙක් හට කිසිසේත් ට්‍රැමඩෝල් ලබානොදෙන අතර එය ලබාදීමෙන් රෝගියා මත් ගතියට පත්වන බවත් එමගින් මොලයට වන හානිය තීරණය කරන්න බැරි බවත් මොලේ ඇතුලට ලේ යනවාද නැද්ද යන්න තීරණය කරන්න අසීරු බවත් පැවසෙනවා.

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ලොව ඉහළම සීටී ස්කෑනර් සහ එම් ආර් අයි ස්කෑන් තිබෙන බව පැවසුවත් මෙලෙස මෙම රෝගියාව මාරු කර යවා ඇත්තේ අදාළ පරීක්ෂණ වාර්තා ලබාගැනීමට බවත් වාර්තාවනවා.

මහජනතාව අපහසුතාවයට පත්වන මෙවන් අවස්ථාවක දී මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නොමිලේ ප්‍රතිකාර කිරීම අගය කළ යුතු වුවද මෙවැනි අත්වැරදීම් ඉදිරියේදීවත් සිදු නොවීමට ඔවුන් වගබලා ගත යුතුයි.

Related posts

මාධ්‍යවේදීන් කියාගත් බඩජාරීන් පිරිසක් ජනපති කොමිෂන් වාර්තාව කණපිට හරවයි…

colombotoday

එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ප්‍රේමදාස ඇහුවා

colombotoday

මැතිවරණ කැලැන්ඩරය නීතියට ඇතුළත් කල යුතුයි – පැෆරල් සංවිධානය කියයි

colombotoday

සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි

colombotoday

අජිත්.පී පෙරේරාගේ – සුජීවගේ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට තීරණය කරයි

colombotoday

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට

colombotoday