Gossip

අගමැති ‘සමන්තබද්‍ර හිමි‘ හමුවෙයි.. මේකප් සෙට් එක බුකිය කළඹයි !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ ඇමතිවරුන් පිරිසක් පසුගිය දවසක ‘සමන්තබද්‍ර‘ නමින් පෙනී සිටින පිටදූවේ සිරිධම්ම හිමියන් හමුවීමට ගොස් තිබෙනවා.

ඒ වෙලාවේ ගත් ඡායාරූපයක් ගැන සමාජ ජාලා ඔස්සේ මේ වන විට කතාබහක් ඇතිව තිබෙනවා. ඒ ඡායාරූපයේ මේසයක් උඩ තිබෙන මේකප් සෙට් එකක් නිසා.

මේ මේකප් මොකටද මෙතන්ට ආවේ.මේවා කාගෙද? යන්න ප්‍රශ්න රැසක් ඇතිවෙනවා.

සමන්තබද්‍ර නමින් පෙනී සිටින පිටදූවේ හිමියන් පසුගිය කාලයේ මහත් කතා බහට ලක්වූයේ තමන් රහත් වී ඇති බව ප්‍රකාශ කිරීම නිසා. උපන්දින සාද පැවැත්වීම, තමන්ගේම ප්‍රතිමා හදා අනුගාමිකයන් ලවා වන්දනා කරවා ගැනීම, බුදු සසුනට මින් පෙර නොතිබූ සම්ප්‍රධායන් හදුන්වා දීම සහ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසා එහිමියන් දැඩි ලෙස විවේචනයට ලක්ව තිබෙනවා.

සමන්තබද්‍ර හිමියන්ගේ ක්‍රියාකාලපය බුද්ධ ශාසනය පරිහානියට හේතුවක් බව බොහෝ හිමිවරුන් පෙන්වා දී තිබියදී අගමැතිවරයා සහ ඇමති පිරිසක් එම හිමියන් හමුවූයේ කුමකට ද යන්න ඇතිවන්නේ ප්‍රශ්නාර්ථයක්…

Related posts

යාපනය ශික්ෂණ රෝහලේදී පිරිමියෙකු ගැහැනියක කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වෙයි

colombotoday

ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !

colombotoday

ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !

colombotoday

ලස්සන ශනුද්‍රිට මොකද මේ එකපාර වුණේ…?

colombotoday

දිඹුලාගල මහ කන්දේ පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් හමුවේ

colombotoday

විවාහක රූ රැජින තරඟයේ කිරුල දිණුවායි ඕෂධී බොරු කියලා (VIDEO)

colombotoday