Colombo Today Local News

සංවිධායකකමෙන් නෙරපූ ජනකගෙන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීට අභියෝගයක් !

තමන් සමග දිවීමට හැකි ජොකියෙකු දඹුල්ලට පත් කරන්නැයි තමන් අභියෝග කරන බව දඹුල්ල හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ශ්‍රීලං.නි.ප සංවිධායක ධූරයෙන් තමන් ඇතුළු පිරිස ඉවත් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට අද (26) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ මොහොතේ කනගාටුව පළ කිරීමට ඇමතුම් ගලා ආ බවත්, තම පුතා සිය ඇමති ධුරයෙන් ඉවත්වීම එඩිතර තීන්දුවක් බවත් ඔහු මෙහිදී කියා සිටියේය. මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය මිතොට මුල්ලේ කුණු කන්ද වගේ බවත් තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.

නවතම පත්කිරීම් තුළින් පෙන්නේ ඒ අයට ජන පදනමක් නැති අය බවත්, තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දුකක් කනගාටුවක් පවතින බවත් කියා සිටි ඔහු පක්ෂය මේවන විට එජාප තුරුල්ලේ සිටින බව වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

2022 උසස් පෙළ ප්‍රතිඵල අද

Admin

අපි කොහෙවත් භූමදානයට අවසර දීලා නෑ.. කොවිඩ් පොසිටිව් මරණයක් නම් එය අනිවාර්යයෙන් ම ආදාහනය කළ යුතුයි.

colombotoday

සන්නස්ගලට නොතීසි

colombotoday

රට පුරාම කොරෝනා පැතිරිලා.. ජනතාවට සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා

colombotoday

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යයි

colombotoday

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

colombotoday