ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් හෙට(24) දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.
ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේ හෙට පෙරවරු 9.00ට වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබා දී ඇති බව බවත් ඉන්ධන සැපයුමට ගැටළුවක් ඇති නොවනු ඇති බවයි.
කෙසේවෙතත් හෙට දිනයේ වර්ජනය ක්‍රියාත්මක කළහොත් ඉන්ධන සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.