Colombo Today Local News

මාණික්කමඩු අදත් උණුසුම්.. කැරළි මර්ධනයත් කැදවයි.. විහාරයට දිවාරාත්‍රී පොලිස් ආරක්ෂාව

අම්පාර මාණික්කමඩු හි දීඝවාපී පරිවාර චෛත්‍යයේ නව ආවායක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ වීමත් සමග ප්‍රදේශයේ මුස්ලිම් පිරිසක් අද (21) දිනයේත් විරෝධය පළකිරීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

අනතුරුව පොලීසිය මහා සංඝරත්නය සමග සාකච්ඡා කොට ආවාසයේ ඉදි කිරීම් කටයුතු දින 5කට කල් දමනු ලැබීය.

අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු මෙම තත්වය පාලනය කිරිමට උත්සාහ ගත් අතර, තත්ත්වය උණුසුම් විමත් සමගම පොලිස් කැරලි මර්දන ඒකකයද එම ස්ථානයට ගෙන්විමට පියවර ගනු ලැබිය.

පසුව මෙම පිරිස අම්පාර සහකාර දිසාපති සමග සාකච්ඡාවකින් පසු මෙම මස 25 වැනිදා නැගෙනහිර පළාත් සභාවේ ඉඩම් කොමසාරිස්වරයා පැමිණ මෙයට විසඳුමක් දෙන බවට එකඟතාවයකට පැමිණියේය. දින 05 ක් යනතුරු මෙම ස්ථානයට පොලිස් ආරක්ෂාව දිවාරාති‍්‍ර දෙකේම ලබාදීමටද අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා එකග විය.


මානික්කමඩු විහාරයට මුස්ලිම් විරෝධයක්.. හොර බලපත්‍ර හදා විහාර භූමියේ අයිතිය ඉල්ලයි

Related posts

ලංකාවට දෙන ණයක් ගැන ඉන්දීය විදේශ ඇමති සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday

ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට

colombotoday

වැලිසර ප‍්‍රධාන නාවික හමුදා කදවුරේ කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමට තවත් මාසයක කාලයක්

colombotoday

තමිල්නාඩුවේ ශ්‍රී ලංකා සරණාගතයින්ට යළි මෙරටට පැමිණීමට අවස්‌ථාව

colombotoday

සෙනසුරාදා සිට අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවිය හැකියි

colombotoday

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

Admin