Colombo Today Local News

මානික්කමඩු විහාරයට මුස්ලිම් විරෝධයක්.. හොර බලපත්‍ර හදා විහාර භූමියේ අයිතිය ඉල්ලයි

ඓතිහාසික දීඝවාපී චෛත්‍ය යේ පරිවාර දාගැබක් වන මානික්කමඩු ඉපැරණි විහාරස්ථානයේ ආවාස ගොඩනැගිල්ල ඉදිකිරීමට යාමේදී මුස්ලිම් ජාතික පිරිසක් ඊට විරෝධය පල කිරීම නිසා ඊයේ (20) එහි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස නම් කර ඇති මෙම පුදබිමේ ආවාස ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරා විද්‍යා බලධාරීන් අවසර මත මෙම ඉදිකිරීම සිදු කෙරෙන, අතර එහි වැඩ පටන් ගැනීමේ දී පැමිණි පිරිසක් ලිය කියවිලි කිහිපයක් පෙන්වමින් එය තමන්ට අයිති ඉඩමක් යැයි පවසමින් විරෝධය පලකර ඇත.

ඓතිහාසික බොදු පුදබිමක් මෙන්ම, පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇති භූමියකට ඉඩම් බලපත්‍රයක් ලබා දුන්නේ කෙසේද යන්න ප්‍රශ්නකාරී වන අතර ඒ පිළිබදව විමසීම සදහා එරටගම ප්‍රදේශීය ලේකම්වරයා කැදවූවත්, ඔහු එම ස්ථානයට නොපැමිණ මගහැර ගොස් ඇත.

මීට පෙරද මෙම පුදබිමේ බුදු පිළිමයක් ස්ථාපිත කිරීමට එරෙහිව විරෝධයක් මතුවුණු අතර, දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශයකට බුදු පිළිම අනවශ්‍ය බවත්,  බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා දෙමළ සහ මුස්ලිම් වැසියන්ගේ සිත් භීතියට පත්ව තිබෙන බව පවසමින්, එම බුදු පිළිමය ඉවත් කරන ලෙස ඉල්ලා මානික්කමඩු පල්ලි සම්මේලනය විසින් ප්‍රදේශීය ලේකම්වරයාට ඉල්ලීම් කර තිබිණි.

සංහිදියාවට බාධාවක්.. අම්පාර, ඉරක්කාමම්හි බුදු පිළිමය ඉවත් කරන්න.. පල්ලි සම්මේලනය ඉල්ලයි

“මුස්ලිම් ජනතාවගේ ප්‍රදේශයක බුදු පිළිම තැබීම යහපාලනයට පටහැනියි.. ඉවත් කරනු!“ – මහඇමති නසීර් සැර වෙයි

Related posts

පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරු රිමාන්ඩ්

colombotoday

රහස් ප්‍රදේශයක රන් බිස්කට් සඟවා ගෙන ආ උස්මාන් කටුනායක දී කොටු

colombotoday

නාවික හමුදාවේ 1,768 කට උසස්වීම්

colombotoday

LTTE යට එරෙහිව උතුරෙන් මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක්

colombotoday

එළඹෙන උත්සව සමයේ රට වැසීම ගැන අමාත්‍ය රමේෂ් පතිරණගෙන් ප්‍රකාශයක්

colombotoday

කුඩු සල්ලි, දුරකතන 10 සමග සංජීවගේ ගෝලයක් අල්ලයි

colombotoday