තමන් විසින් දැරූ සියළු පක්ෂ තනතුරුවලින් ඉවත් වූ බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ මූලස්ථානයට ලිඛිතව දන්වා යැවූ බව එ.ජා.ප කටාන ආසන සංවිධායිකා බස්නාහිර පළාත්සභා මන්ත්රීනී රෝස් ප්‍රනාන්දු මෙනවිය පවසයි.
ඇය මේ බව පවසා සිටියේ ඊයේ (19) එජාප ප්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී ය.
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේ කුලී වාහන ධාවන බලපත් ගැටලුවක් මුල්කර ගෙන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හා පළාත් සභා මන්ත්‍රීවරිය අතර ඇතිවූ මතබේදාත්මක හා ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් ඇය මෙසේ සිය ධුරිවලින් ඉවත්වී තිබේ.