Colombo Today Local News

කිංස්ලි රත්නායක ‘සිරසෙන්‘ ඉල්ලා අස්වෙයි..

සිරස FM නාලිකාවේ ප්‍රධානී ජ්‍යේෂ්ට මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා අද (18) තමන් දැරූ තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වූ බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ඉල්ලා අස් වීමට හේතු වී ඇත්තේ සිරස මාධ්‍ය ජාලයේ සභාපතිනී ශාන්ති බගිදරන් මහත්මිය සමඟ ඇති වූ මත ගැටුමක් හේතුවෙන් බව වාර්තා වේ. එකී මත ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස කිංස්ලි රත්නායක මහතා තම ඉල්ලා අස්වීම ආයතනයේ පාලන අධිකාරිය වෙත භාර දී, තමන් සතු බඩු බාහිරාදිය රැගෙන ආයතන පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් ඇති බව වැඩි දුරටත් වාර්තා වේ. කිංස්ලි රත්නායක මහතා 1993 වසරේ සිට සිරස මාධ්‍ය ජාලය ආරම්භ කිරීමෙහි ලා පුරෝගාමී වූ කිහිපදෙනා අතරින් ප්‍රමුඛයෙකි.

ඔහුගේ සමකාලීනයකු වන සිරස FM නාලිකාවේ සංගීත අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන නිහාල් වික්‍රම එදිරිසූරිය මහතා ද ළඟදී ම විශ්‍රාම ගැනීමට නියමිත බව සිරස ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කර සිටී.

Related posts

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday

බොදු බල සේනා තරුණ සමුළුව – සජීවී විකාශය

colombotoday

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

colombotoday

කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් නිරෝධයන මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට

colombotoday

“ඒකාබද්ධ විපක්ෂය” නීති විරෝධී නමක්.. ඒ ගැන ලීවොත්, කීවොත් මාධ්‍යවේදීන් නීතිය හමුවට – ජනමාධ්‍ය ලේකම්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

Admin