Colombo Today Local News

කොටි ගුවන් හමුදාවේ නියෝජ්‍ය නායකයා නඩු නැතිවම නිදහස්

කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායකයා වූ මහාදේවන් තිරුබාහරන් නොහොත් කුශාන්තන් නඩු පැවරීමකින් තොරව නිදහස්‌ කර ඇත.

මහාදේවන් තිරුබාහරන් නොහොත් කුශාන්තන්

2014 වසරේ මාර්තු මසදී මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ මෙහෙයවීමකදී මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කුශාන්තන් බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේ රඳවා තිබුණි.

අනුරාධපුරය, කටුනායක සහ කොළඹ ගුවන් ප්‍රහාර එල්ල කළේ කුශාන්තන්ගේ සැලසුම මතය.

ත්‍රස්‌තවාදී චෝදනා එල්ලවූ සිංහල සිරකරුවන් රඳවා සිටි කුටියේම රඳවා සිටි කුශාන්තන් නිදහස්‌ වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ සිටින ඔහුගේ බිරිය වෙත ගොස්‌ ඇත.

කුශාන්තන්ට එරෙහිව කිසිදු චෝදනාවක්‌ එල්ල කිරීමට බලධාරීන් ක්‍රියා කළේ නැතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

වාන් පුලිගල් නමැති කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් නිදහස්‌ වීමේ සිද්ධිය ද වසන් වී තිබේ.

ඔහු කිසිදු අධිකරණයකට යොමුව නැතැයිs එම ආරංචි මාර්ග පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය

 

Related posts

25දා සුරා සැල් වසයි

colombotoday

IMF ණය සහනය ගැන Fitch Ratings සහ චීනයෙන් ප්‍රතිචාර

colombotoday

මයන්ත සජබ සභාපති ධු⁣රයෙන් ඉවත් වෙයි

colombotoday

“අස්ගිරි නිවේදනය හරියටම හරි.. එය හිස් මුදුණින්ම පිළිගන්නවා“ – ගාලු මහා සංඝ සභාව

colombotoday

අමාත්‍ය පුරප්පාඩුවට වීරසේන ගමගේ

Admin

ගාලු මුවදොර අදත් විරෝධතාවක්

colombotoday