Colombo Today Local News

පර්පචුවෙල් ට්‍රෙෂරිස්, බැදුම්කර ගන්න මහබැංකුවෙන් ගත් බිලියන 11 ණය ගෙවීමත් පැහැර හැරලා !

බැදුම්කර මිලදී ගැනීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ශ‍්‍රී ලංකා මහා බැංකුවෙන් හා සේවක අර්ථ සාධක අරමුදලෙන් එක්දින ණය පහසුකම යටතේ ලබාගත් රුපියල් බිලියන 11.06 ක ණය මුදල නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇතැයි ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැදුම්කර ගනුදෙනුව පිළිබදව විමර්ශණය කරන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (4) සාක්ෂි දෙමින් හෙළි කළේය.

මීට පෙර අවස්ථාවකදී ද රුපියල් මිලියන 360 ක මුදලක් ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් වාර්තා වන්නේ යැයි පැවසු අල්විස් මහතා මෙම මුදල හා සැසදීමේදී නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇති රුපියල් බිලියන 11.06 ක මුදල ඉතාම ඉහළ අගයක් ගන්නා බවද බැදුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

Related posts

ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

කාති උසවිත් එපා. ජමයතුල් උලමා අන්තවාදී සංවිධානයත් තහනම් කල යුතුයි. | මුස්ලිම් දික්කසාද පිලිබඳ වියත් හවුල කියයි.

colombotoday

වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයි

colombotoday

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

colombotoday

කරූ ජයසූරිය එජාප නායකත්වයට ?

colombotoday

සමාජ මාධ්‍ය නියාමනය වන පනත ගැන වෙරිටේ රිසර්ච් මතය

Admin