Colombo Today Local News

ජිනීවාහි දී අද්මිරාල් සරත් වීරසේකර අත්අඩංගුවට ගැනීමේ ඩයස්පොරා සැලසුම වැරදී ගිය හැටි

රියර් අද්මිරාල් සරත් වීරසේකර ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂවරයා ලවා ජිනීවා නුවරදී අත්අඩංගුවට ගැනීම සඳහා ඊළාම් ඩයස්‌පෝරාව දියත් කර තිබූ රහසිගත සැලසුමක්‌ ව්‍යර්ථ වී ගිය පුවතක් පිළිබඳව අද (04) දිවයින පුවත්පත විසින් කරුණු වාර්තා කොට ඇත.

ජාත්‍යන්තර විශ්ව ප්‍රඥප්තිය යටතේ රියර් අද්මිරාල්වරයා අත්අඩංගුවට ගැනීමට එහි සැලසුමව තිබූ බව සඳහන්ය.

එහෙත් යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ නාම ලේඛනයේ රියර් අද්මිරාල්වරයාගේ නම සඳහන් වී තිබී නොමැත.

ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂක කාර්යාලය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් රියර් අද්මිරාල්වරයාගේ නම චෝදනා එල්ලවූවන්ගේ ලැයිස්‌තුවේ තිබේද යන්න විමසා ඇති බව ජිනීවා ආරංචි මාර්ග හෙළි කර තිබේ..

මෙයට පෙර මේජර් ජනරාල් ජගත් ඩයස්‌ ගැන ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂවරයා විමර්ශන අරඹා තිබිණි.

ඊළම් ඩයස්‌පෝරාවේ මේ රහස්‌ සැලසුම දියත්වීමට පෙර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සියලුම රටවල්වලින් ඉල්ලීමක්‌ කරමින් යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් පිළිබඳව ජාත්‍යන්තර විශ්ව ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබිණි.

Related posts

පොලිස්පතිවරයාගේ හැසිරීම අවුල්.

colombotoday

වැලිකන්ද තරුණියගේ මරණයට හේතුව ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමක් නොවේලු

colombotoday

සිංහරාජේ ප්‍රශ්නගත ඉඩමේ අයිතිකරු ආණ්ඩුව ආරක්ෂා කරනවා ද? පරිසර ඇමතිගෙන් ප්‍රශ්න කෙරේ…

colombotoday

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

Admin

ආර්ථික අපහසුතා මධ්‍යයයේ ඒකරත්න නීතිඥවරුන් වෘත්තිය ප්‍රවර්ධනයක

colombotoday

පවිත්‍රා – ජීවන් කැබිනට් අමාත්‍යධුරවල දිවුරයි

Admin