Colombo Today Local News

“ප්‍රභාකරන්ට බැරි වූ දේ කරන්න අපි අඛණ්ඩව උත්සහා කරනවා“ – TNA උතුරේදී කියයි

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා රජයට තවත් වසර දෙකක කාලයක් ලබා දීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන්, පසුගිය මාර්තු (30) වනදා මුලතිව් හිදී පැවැති රැස්වීමකදී දෙමළ ජාතික සන්ධානය කරුණ පැහැදිලි කර ඇත.

මුලතිව්, ඔඩ්ඩුසුඩාන්හිදී පැවති මෙම රැස්වීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සහ එම්.එම්. සුමන්දිරන් ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාග වී සිටියහ.

චෙල්වනායකම් හා වේළුපිල්ල්ලේ ප්‍රභාකරන්ට නොහැකි වූ කාර්යය ආර්. සම්බන්ධන්ට සිදු කිරීමට හැකි බවට විශ්වාස නොකරන බව එම රැස්වීමට සහභාගී වූ පිරිසක් ප්‍රකාශ කර ඇති අතර, එයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව පිළිබදව දැඩි ලෙස විශ්වාසය තබමින් තමන් ඒ සදහා අකණ්ඩව උත්සහා කරමින් සිටින බවයි.

දෙමළ ජනතාවට යහපතක් වන ආකාරයෙන් විසදුමක් වත්මන් රජය හරහා ලබා දීමට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කරනු ඇති බවද මන්ත්‍රීවරයා එහිදී සදහන් කළේය.

මූලාශ්‍රය – ටැමිල්වින් වෙබ් අඩවිය

Related posts

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක ගමන් තහනමක්

colombotoday

කෑගල්ල අධිකරණය දුන් නියෝගය වහාම ක්‍රියාත්මක කරන්න පොලිස්පති CIDයට දැනුම්දෙයි

colombotoday

අත්අඩංගුවට ගෙන තිබු ලොරි රථයේ රෝද හොරකම් කළ පොලිස් කොස්තාපල්

colombotoday

අරගලයේදී නිවාස හානිවූ ඇමතිවරුන්ට වන්දි දෙනවානම් බස්වලටත් වන්දි ඉල්ලයි

Admin

කරූ අගමැති කරන්න ජනපති සමග රහස් සාකච්ඡා – ක්‍රිෂාන්ත කුරේ බ්‍රෝකර් වැඩේ කරයි

colombotoday

තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බි. 7ක ණයක් ගනී

Admin