Colombo Today Local News

ඇමති බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයේ අක්කර ලක්ෂයක් ඉල්ලයි

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරෙන් වූ වනාන්තර ප‍්‍රදේශය රක්ෂිතයක් ලෙස ගැසට් කිරීම මගින් එම ප‍්‍රදේශයේ මුස්ලීම් ජනතාවට මතුව ඇති ගැටළු පිළිබද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් පවසයි.

මතුව ඇති තත්ත්වය පිළිබද ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ අතර මෙම ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා මන්නාර බදුර්දීන් ඇමතිවරයා විසින් නැවත පදිංචි කරවන ලද පිරිසක් විසින් මරිච්චිකට්ටු මුස්ලීම් දේවස්ථානය ඉදිරිපිට පෙරේදා විරෝධතාවක් ද පැවැත්විණි.

තම ගොවි බම්,පාරම්පරික ඉඩම්,මුස්ලිම් දේවස්ථාන ඇතුලු ඉඩම් අක්කර ලක්ෂයක් පමණ මේ හේතුවෙන් අහිමිවී ගොස් ඇති බවයි විරෝධතාකරුවන් කියා සිටියේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ, මෙම ගැසට් නිවේදනය මගින් එම ප්‍ර දේශයේ මුස්ලිම් ජනතාවට හෝ දේවස්ථානවලට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.

අදාල ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින්ද කරුණු පැහැදිළි කිරීමක් කර ඇති අතර, එමගින් සදහන් කර ඇත්තේ නැවත පදිංචි කර ඇති ප්‍රදේශ අතහැර ඊට යාබද ප්‍රදේශ සංරක්ෂිත වනාන්තර ලෙස නම්කර ඇති බවයි.

Related posts

ඇදිරිනීතිය නොතකා මහමග ගී ගයමින් විනෝද වූ මුස්ලිම් ජාතිකයන් හයක් අත්අඩංගුවට…

colombotoday

මලික් ගෙතු බොරු සියල්ල මහින්දානන්ද එකින් එක දිගඅරියි.. මලික්ට කට උත්තරත් නැති වෙයි. Video

colombotoday

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න අද සිට විශේෂ මෙහෙයුම්

colombotoday

මැතිසබයේ කමිටු ගැන කිරිඇල්ල කතානායකට පැමිණිලි කරන්න යයි

Admin

සිංහලේ එලවන්න, අසාත් සාලි පොලීසියට අණදුන් හැටි (Video)

colombotoday

රමළාන් දින දේශනා පැවැත්වීමට තබ්ලිග් පුජකයන් තෝරාගෙන. | සාම්ප්‍රධායික මුස්ලිම්වරුන් විරෝධය දක්වයි.

colombotoday