Colombo Today Local News

ජනපතිගෙන් රුසියාවේ නාදුනන සොල්දාදුවාගේ ස්මාරකයට උපහාර (Photo)

දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුගේ පළමු රුසියානු නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන “නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකය” වෙත පුෂ්පෝපහාර දැක්වීය.

මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ, ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදි කර තිබේ.

රතු චතුරශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා මොස්කව් නගරයේ හමුදා අණදෙන නිලධාරී විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ අතර විශේ්ෂ හමුදා උත්තමාචාරයක් ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිනැමිණි.

ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.

ජනාධිපති මාධ්‍ය ඒකකය

[fbvideo link=”https://www.facebook.com/maithripalas/videos/10154949681121327/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

වාද්දූව වෙරළට මිය ගිය කැස්බෑ සිරුරු 2ක් ගොඩගසයි

colombotoday

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටෙයි

Admin

අත්අඩංගුවට පත්වූ ෆාතිමා වමාරයි… ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ, බුදු පිළිම කැඩූ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අල්ලයි….

colombotoday

75 වන නිදහස් සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට

Admin

සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට වැඩසටහන් රැසක්

Admin

රනිල් බලය රැකගන්න කෝටි ගණන් ණය වී මන්ත්‍රීවරුන්ට වාහන් දීලා….

colombotoday