ශ්‍රී ලංකාව සහ නේපාලය සමග චීනය ආරම්භ කිරීමට යන ආරක්ෂක සහයෝගිතාවන් සදහා ඉන්දියාව විරුද්ධ වන්නේ නම් චීනය ඒ සදහා සටන් කරනු ඇති බව චීන මාධ්‍ය පවසයි.
චයිනා ග්ලෝබල් ටයිම්ස් පුවත් පතේ කතුවැකිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මෙම තොරතුරු වාර්තා කර ඇත.
චීන ආරක්ෂක අමාත්‍ය චැන්ග් වැංකුආන් ඇතුළු චීන ආරක්ෂක දූත පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ හා නේපාලයේ සංචාරයක නිරත වෙමින් සිටියි.
මේ පිළිබදව තොරතුරු වාර්තා කරන ටයිම් ඔෆ් ඉන්දියා පුවත්පත පවසන්නේ පසුගිය දශක කිහිපයක කාලය තුළදී ඉන්දියාව සිය අසල්වැසි රටවල් සදහා කර ඇති බලපෑම ඉවත් කිරීම පිළිබදව චීනය දැඩි අවධානය යොමුකර ඇති බවයි.