World

ට්‍රම්ප්ගෙන් මුස්ලිම් රටවලට තවත් තහනමක්.. මැදපෙරදිග ගුවන් සමාගම් රැසක් අමාරුවේ

මුස්ලිම් බහුතරයයක් වෙසෙන රටවලින් ඇමරිකාවට පැමිණෙන ගුවන් යානාවලින් විශාල ඉලෙට්‍රොනික උපකරණ රැගෙන ඒම තහනම් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ, ගුවන් යානා බිම හෙළීම සදහා අන්තවාදී කණ්ඩායම් නව ක්‍රම පිළිබදව අවධානය යොමු කරමින් තිබෙන බැවින් මෙම පියවර ගත් බවයි.

මැදපෙරදිග රටවල ගුවන් තොටුපල 9ක සිට ක්‍රියාත්මක වන ගුවන් සමාගම් 10කන නව තීරණය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙන අතර, ජෝර්දාන් ගුවන් සේවය, ඊජිප්ට් එයාර්, ටර්කිස් එයාර්ලයින්, සවුදි අරාබියා එයාර්ලයින්, කුවේට් එයාර්ලයින්, කටාර් එයාවේස්, එමිරේට්ස් හා එටිහාඩ් යන ගුවන් සමාගම්වලට මෙම තීරණය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවද විදෙස් මාද්‍ය වාර්තා සදහන් කරනවා.

Related posts

පක්ෂග්‍රාහී අල් ජසිරා කාර්යාලය ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයකින් සමතලා කර දමයි.

colombotoday

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ගිනි ගනී.. 13ක් රෝහලේ

colombotoday

ඉන්දීය මන්ත්‍රීවරුන් 141කගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

Admin

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

colombotoday

ජපානයේ සිය දිවි නසාගැනීමේ කඳුකරයේ දී මිනිසුන් 600 කට නැවත පණ දුන් යුකියෝ ෂීගේ

colombotoday

මිනිසුන්ට එරෙහිව කැරලි නොගසන බවට රොබෝවරුන් සහතික වෙයි

Admin