මාධ්‍යවේදියෙකු ලෙස සැලකෙන කීත් නොයාර් නැමැත්තාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් 34 හැවිරිදි යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
මීට පෙර මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. දැනට සිදුකරමින් පවතින පරීක්ෂණවලින් අනාවරණ වූ තොරතුරුවලට අනුව මෙම 34 හැවිරිදි හමුදා සාමාජිකයාද අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කර සිටියි.