Colombo Today Local NewsExclusive :extremism & terrorism activitiesHot News

කාන්තන්කුඩි මුස්ලිම් ගැටුමේ මෙතෙක් පල නොවූ දර්ශන සහ තොරතුරු – Videos

කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේවනවිට තොරතුරු වාර්තා වෙනවා.

සහරාන් නැමැත්තා

සුන්නතුල් නිකාය විසින් පසුගිය සිකුරාදා දින කාත්තන්කුඩිය ප්‍රදේශයේ දේශන කිහිපයක් සුදානම් කර ඇති අතර ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයේ නැගනහිර නායකයා ලෙස හැදින්වෙන සහරාන් නමැති පුද්ගලයා සහ තවත් සාමාජිකයන් පිරිසක් මෙම දේශනා නොපවත්වන ලෙසට තමන්ට තර්ජනය කල බව සුන්නතුල් නිකායේ සාමාජිකයකු Colombo Today වෙත ප්‍රකාශ කර සිටියා. ඉස්ලාමික රාජ්‍යයක් ඇති කිරීම සදහා කටයුතු කරන ජාතික තහුහිඩ් ජමාත් සංවිධානයේ බලකොටුව කාන්තන්කුඩි බවත් අනෙකුත් නිකායන් සදහා එහි ඉඩක් නොමැති බවත් තර්ජනය කල පුද්ගලයන් පැවසුබවයි එම සාමාජිකයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

ජාතික තවුහිඩ් ජමාත් සංවිධානය කාන්තන්කුඩි ප්‍රදේශය තුල අමාත්‍ය හිස්බුල්ලාගේ අනුහසින් ක්‍රියාත්මක වන බවටද චෝදනා එල්ලවන අතර ප්‍රහාරයට පැමිණි බහුතරයක් අමාත්‍යවරයාගේ අනුහසින් තවමත් නිදැල්ලේ සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ පිලිබදව ශ්‍රී ලංකා පොලිසියෙන් තොරතුරු දැනගැනීම සදහා අප මාධ්‍යවේදීන් කිහිපදෙනකු උත්සහ කලත් ඔවුන් එය මගහරින ලදි.

කෙසේ වෙතත් Colombo Today තොරතුරු ජාලයට අනුව මෙම ගැටුමෙන් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා කාන්තන්කුඩි මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. තවත් එක් පුද්ගලයකු අද සවස 4 වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

දෙපාර්ශවයේම පුද්ගලයන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් ලබන 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පහර දීමෙන් පසුව එම ස්ථානය දිස් වූ අයුරු…

 

එදින දහවල් සහරාන් නමැති තවුහිඩ් ජමාත් නැගනහිර නායකයාට විරුද්ධව සුන්නතුල් නිකායේ පිරිස් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබී ඇති අතර එම උද්ඝෝෂණයේ චායරුප පහතින් දැක්වේ.

Related posts

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

පළමු පාසල් වාරයේ විභාග නොපැවැත්වීමට තීරණයක් !

colombotoday

කොරෝනා වයිරසය ශීතකරණ තුළ සුරක්ෂිතයි. කල් පැවැත්ම ඉහලයි. අධ්‍යන වාර්තාවකින් හෙළි වේ.

colombotoday

මන්ත්‍රීවරයෙකුගේ පසුම්බිය කොල්ල කා බේරේ වැවට තල්ලු කල කතක් අත්අඩංගුවට

colombotoday

වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කරයි. | සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන

colombotoday

“බුද්ධාගමට මුල්තැන දුන්නොත් බලාගෙනයි.. අනාගමික ව්‍යවස්ථාවක් හදනු“ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගොරවයි

colombotoday